Posts

බලය සහ ආධිපත්‍ය - Power And Authority

Image
‘’බලය දුශනය කරයි’’ යන්න අර්ධ සත්‍යක් පමනි.  අන්ත යටහත් බවද ඒ තරමටම දුශනයට නැඹුරුය.ජිව සමාජිය ලම්බකය, සහයෝගීතාවයේ සිට දුශ්ඨ ඒකාධිපතිවාදය වෙත ගෙනගියවිට මුුලු සමාජයම දුශනයෙන් පිරීයයි.   එවැනි සමාජයක් භෞතික වශයෙන් ඉදිරියට යාමට පුලුවන.පිරමීඩයක්  ගොඩ නැගිම සදහා ගල් ටොන් 4883000 ක් වහලුන් ලවා ඇද්දවිය හැකි නමුත්.එම විකාත වු සමාජ ව්‍යුහය තුලම එහි අවසානය වු බව අමතක නොකල යුුතුය ආධිපත්‍ය පවත්වාගත හැක්කේ එක්තරා පිරිසක් මත එක්තරා කාලයකට පමනි.සුපිරි ගෝත්‍රයේ උනුසුම් වාර්තාවරනය මැද උවද මෙහි සීමාවක් තිබේ.මෙම සීමාවට පැමිනිිමෙන් පසු  ජීව සමාජීය ලම්බකය සීරුවෙන් මැද පිහිටි සමතුලිත ලක්ශයට පැමිනුනහොත්.එම සමාජය වාසනාවන්ත එකක් ලෙස හැදින්විය හැකිය . නමුත් බොහෝවිට සිදුවි ඇත්තාක් මෙන්.මෙය ඒ අතටත් මේ අතටත් පැද්දෙන්නට වුවහොත් අපගේ ආදි මුතුන් මිත්තන් නොසිතු පරිමානයකින් අපේ  පොලව මත මිනිස් ලේ ගලායනු ඇත . (ආචාර්ය ඩෙස්මන් මොරිස්ගේ මනුසත් උයන කෘතියෙන්) 

ලාංකිකයින්ට අවශ්‍ය සමාජමාධ්‍ය (Social media we need)

Image
සමාජ ජාල (Social network) සහ සමාජ මාධ්‍ය (Social media) යනු දෙකකි සමජ ජාල යනු සමාජ මාධ්‍යන්හී ඇතුලත් එක් අංගයක් පමණි .සමාජ මාධ්‍ය යන්නට (Facbook,Twitter,Blogger,Youtube පමනක් නොව අන්තර්ජාලය ඔස්ගේ විවිධ දේ හුවමාරුකරගත හැකි Dropbox වැනි සේවාවන්ද ඇතුලත් කල හැකිය. අපට සමාජජාල වඩාත් සමීප වීමට පටන්ගත්තේ 2010 වර්ශයේ පටන්ය. එහි ප්‍රධානම අංගය වුයේ සීග්‍රයෙන් වර්ධනය වු Facebook සමාජ ජාලයයි එය යම් ලෙසකින්  මැනිය හැකි ක්‍රමවේදයක් තිබුනේ නම් සමාජිය හා දේශපාලනික වශයෙන්ලාංකික සමාජයට ෆේස්බුක් හරහා කල බලපෑම කොයිතරමි අතිමහත්ද යන්න අපිට දැනගැනීමට හැකිය.  සමාජමාධ්‍යක් වශයෙන් ලංකාවේ සුලබව භාවිතාවන Blogger සහ Youtube හරහා දකින කියන දේවල යම් සාධනිය ලක්ශන දැකිය හැකි නමුත් අති බහුතරයක් දෙනා භාවිත කරණ ෆේස්බුක් සමාජජාලයේ භාවිතය එතරම් සාධනීය නැත.සරලව කිවහොත් එය රටතොටේ ගොසිප්,කුනුකන්දල්,අනුන්ගේ වේදනාවන්,පෞද්ගලික මතිමතාන්තර,බැනුම් ,අපහාස සහ ඉතා ස්වල්පයක් හොද දේවල් New feeds ලෙස යාවත්කාලීන වන සින්ඩිකේටරයකි. ජංගම දුරකතන ඔස්සේ අන්තර්ජාල සබදතාව ඇති අති බහුතරයක් ලාංකිකයින් ඉන් ගැනීමට දන්නා එකම ප්‍රයෝජනය ෆේස්බුක්යාම

Dr.අමිත් මුනීන්ද්‍රදාස ගැන ආයෙත් කියවමු

Image
අපේ ලාංකිකයන්ට විශිෂ්ඨ දෙයක අගය වැටහෙන්නේ එය අහිමි කරගත් පසුය .සතුව තිබෙන කාලය තුල නොසලකා හැරීමටත් අහිමි වු පසු ගුණ ගැයීමටත් අපි තරමි දක්ශයින් තවත් නැති තරම්ය. කෙසේ නමුත් පසුව හෝ අගය වටහා ගෙන ගුන ගෞරව දැක්වීමට අගය කල යුත්තකි. පසු ගිය දිනෙකදී කලකට පෙර අප අතරින් වෙන් වී ගිය තරුණ අති දක්ශ මිනිසෙක් ගැන අන්තර්ජාල පුවත් අඩවියකත් මුහුණු පොතෙත් කතාබහට ලක්විය .මුහුනු පොතේ ඇති දිනියස් එකතුව (Genius club) නම් කන්ඩායමේ සාමාජීකයකු අසා තිබු පැනයක් නිසා ඔහු ගැන නැවතත් මේ කතා බහ ඇතිවු බව මගේ හැගීමයි .මා සිතන පරිදි තවමත් ලාංකිකයින්ගෙන් බහුතරයක් එතුමා ගැන නොදනී .වර්ශ 2007 දී ඔහුගේ මරණයෙන් පසු Sundaytimes පුවත්පත විසින් ඔහුව හදුන්වා තිබුනේ මෙසේය   The nation mourned the death of Dr. Amith Munindradasa last month. While the portrayal of him as a ‘top defence expert’ was exaggerated to a point of controversy, Dr. Munindradasa was certainly not a run-of-the mill individual who could be stereotyped.  He was a practical engineer; an amazing theorist; skilful technician; wildlife enthusiast; ardent philant